එල්.වී. ජයවීර සමස්ත ලංකා පාසල් ආධුනික බොක්සිං තරගාවලිය - 2022 මහනුවරදී පැවති අතර එම තරගයෙන් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට වේයන්ගොඩ ජනාධිපති ...
එල්.වී. ජයවීර සමස්ත ලංකා පාසල් ආධුනික බොක්සිං තරගාවලිය - 2022 මහනුවරදී පැවති අතර එම තරගයෙන් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය සමත් වී ඇත.
එහිදී කිලෝග්‍රෑම් 41ත් 43ත් අතර බර පංතියේ රන් පදක්කම කොළඹ තර්ස්ටන් විදුහලේ නානායක්කර පරාජය
කරමින් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ සඳලු සතීස්ම විසින් දිනා ගන්නා ලදි. කිලෝග්‍රෑම් 46ත් 48ත් අතර බර පංතියේ රන් පදක්කම කොරබුරුවාන මහා විද්‍යාලයේ දිල්හාර පරාජයට පත්කරමින් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ජෙරම් මලීෂ විසින් දිනාගන්නා ලදි.
විදුහල්පති ඩී.එස්. රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පුහුණුකරු දුලාජ් ප්‍රියංකර, ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන පී.ඩී. ඉන්ද්‍රාවතී හා සුදත් පතිරණ යන මහත්ම මහත්මීහු මෙම ජයග්‍රහණය සඳහා මග පෙන්වූහ.