ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 6ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයෙන් අද (06) ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 6ක විශිෂ්ඨ ජයක් වාර්ති කරනු ලැබුවා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක කඩුලු 3 ක්, දසුන් ශානක හා චාමික කරුණාරත්න කඩුලු 2 ක බැඟින් ගැනීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී අතිශය තීරණාත්මක ලෙස ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක්, පැතුම් නිස්සංක ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා.
දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ද සමගින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර කුසල් අද මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් දිවියේ 8වන අර්ධ ශතකයයි.
ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක විසින් විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව විරාත් කෝලි කිසිඳු ලකුණක් නොලබා දැවී ගිය අතර මීට පෙර ඔහු ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 26 ක්.
මේ අතර ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක විසින් විරාත් කෝලිගේ කඩුල්ල දවා ගැනීමට ද සමත් විය.