22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් ...
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණා.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක අවසන් මහා තරගයට සහභාගී වන පළමු ආසියාතිකයා මෙන්ම එම ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද යුපුන් අබේකෝන් ඉතිහාසගත වෙනවා.
බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් ගණනක් ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මැද තත්පර 10.14 කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ඔහු සමත් වුණා.
තරගය තත්පර 10.2කින් නිමා කරමින් කෙන්යාවේ ෆර්ඩිනෑන්ඩ් ඔමන් යාලා රන් පදක්කම දිනා ගත් අතර තත්පර 10.13කින් තරගය නිමා කරමින් දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ රිදී පදක්කම හිමිකර ගත්තා.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පදක්කමක් හිමි කරගත් සිව්වන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා බවට යුපුන් පත්වෙනවා.