මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවන හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් විය. ඒ, ස්පාඤ්ඤයේ පැවති වැලෙ...
මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවන හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ හිරුණි විජේරත්න සමත් විය.
ඒ, ස්පාඤ්ඤයේ පැවති වැලෙන්සියා මැරතන් තරඟයේදී පැය දෙකයි විනාඩි 36යි තත්ත්පර 16කින් එම ඉසව්ව නිමා කරමිනි.
මෙහිදී හිරුණි ක්‍රීඩිකාවන් 47ක් අතරින් 32 වැන්නා බවට පත්විය.
මෙරට වේගවත්ම කාලය ලෙස හිරුණි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවනු ලැබුවේ පැය දෙකයි විනාඩි 34යි තත්ත්පර 10ක කාලයක් තරඟය නිමා කරමිනි.
ඇයගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කොට තිබුණා.
2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර තමන් ආරම්භ කළ බවයි හිරුණි විජේරත්න සඳහන් කර සිටින්නේ.