2022 බීජිං ශීත සෘතූ පැරාලිම්පික් තරගාවලිය සඳහා රුසියාවේ සහ බෙලරුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීම තහනම් කර ඇත. අන්තර් ජාතික පැරාලිම්...
2022 බීජිං ශීත සෘතූ පැරාලිම්පික් තරගාවලිය සඳහා රුසියාවේ සහ බෙලරුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීම තහනම් කර ඇත.
අන්තර් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ඇන්ඩෲ පාර්සන්ස් බලපෑමට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රජයේ ක්‍රියාවල වින්දිතයන් ලෙස හඳුන්වනු ලැබු අතර ක්‍රීඩාව සහ දේශපාලනය කිසිසේත් මිශ්‍ර විය යුතු නැති බව සඳහන් කළා.
ශීත සෘතු පැරාලිම්පික් උළෙල එළඹෙන සෙනසුරාදා (05 ) ආරම්භ වන අතර එහි සමාරම්භක උත්සවය හෙට (04) පැවැත්වෙනවා.
යුක්‍රේනයේ පැරාලිම්පික් කණ්ඩායම මේ වන විට බීජිං නගරයේ සිටින අතර ඔවුන්ට ක්‍රීඩාවලට සහභාගී වීමට කිසිදු තහනමක් නැති අතර හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවය 'සාමයේ පණිවිඩය' ප්‍රවර්ධනය කරන ආකාරයට සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.