22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අළුයම එංගලන්තයෙ එංගලන්තයේ බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. මේ සඳහා රටවල් ...
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද අළුයම එංගලන්තයෙ එංගලන්තයේ බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.
මේ සඳහා රටවල් 72ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද තරගකරුවන් 110ක් මෙවර සහභාගි වනවා.
සමාරම්භක උළෙල සදහා එංගලන්තයේ වේල්ස් කුමරු සහ කෝර්න්වෝල් ආදිපාදවරිය පැමිණ සිටීම විශේෂත්වයක්.
එංගලන්ත සංස්කෘතියට මුල්තැන ලබා දෙමින් සංවිධානය කර තිබූ සමාරම්භක උත්සවය දර්ශනීය ගිනිකෙළි සංදර්ශනයකින් අවසන් වුණා.
ඒ අනුව ඉදිරි දින 10 තුළ ක්‍රීඩා ඉසව් 280ක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලිය සඳහා මුල් වරට කාන්තා ක්‍රිකට් තරගාවලියක් මෙවර එක් කර තිබෙනවා.