2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි පෝරුතොටගේ ශ්‍රී ලංකාවට තුන්වන ලෝකඩ පදක්කම දිනා ද...
2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි පෝරුතොටගේ ශ්‍රී ලංකාවට තුන්වන ලෝකඩ පදක්කම දිනා දීමට අද සමත් විය.
නෙත්මි පෝරුතොටගේ 2022 බර්මින්හැම් ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
කොවෙන්ට්‍රි ඇරීනා හිදි පැවැති තරගයේදී ඇය ඔස්ට්‍රේලියාවේ අයිරින් සිමියෝනිඩිස් පරාජය කළාය.
18 හැවිරිදි පෝරුතොටගේ අද පෙරේදා පැවැති එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ අන්ෂු මලික් හමුවේ පරාජයට පත් වූ නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජය කිරීමට සමත් විය.
2022 බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාව විසින් මෙහෙයවනු ලබන පදක්කම් සටහනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 25 වැනි ස්ථානයේ පසුවේ.