පදක්කම් 140ක් ලබා ගනිමින් 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී සිටීමට ඔස්ට්‍රේලියාවට තවදුරටත් හැකිවී තිබෙනවා....
පදක්කම් 140ක් ලබා ගනිමින් 22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී සිටීමට ඔස්ට්‍රේලියාවට තවදුරටත් හැකිවී තිබෙනවා.
ඊට රන් පදක්කම් 50ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 46ක් ඇතුළත් වෙයි.
මේ අතර පදක්කම් 131 ක් ලබා ගනිමින් එංගලන්තය දෙවන ස්ථානයේ ද පදක්කම් 67 ක් ලබා ගනිමින් කැනඩාව තුන්වන ස්ථානයේ ද පසුවනවා.
එමෙන්ම රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 3ක් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 26 වන ස්ථානයේ රැඳී සිටියි.