බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව මෙරට ශ
බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව මෙරට ශ්‍රේෂ්ඨ ක්‍රීඩා බලධාරීන් බලධාරියෙකු උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කරනවා.
මෙලෙස අතුරුදන් වූවන් අතර ක්‍රීඩකයින් 09 දෙනෙක් සහ කළමනාකරුවෙකු සිටින බවයි සදහන් වන්නේ.
මේ අතරින් ජූඩෝ ක්‍රීඩිකාවක් සහ පුහුණුකරු සිටින ස්ථානය එරට පොලීසිය විසින් සොයා ගෙන තිබුණද දින 180 ක වීසා කාලයක් ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන නැහැ.
අතුරුදන් වූ අනෙකුත් ක්‍රීඩකයින් රැකියා අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටීමට උත්සාහ කරන බවට සැක කෙරෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Image: AFP via Getty Images / Mirroe.co.uk