ඩොලර් බිලියන 270ක පමණ වත්කම් ඇති ප්‍රකෝටිපතියකු වන එලෝන් මස්ක් ලොව ජනප්‍රියම පාපන්දු සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් මිලදී ගැනීමට සූදානම් ...
ඩොලර් බිලියන 270ක පමණ වත්කම් ඇති ප්‍රකෝටිපතියකු වන එලෝන් මස්ක් ලොව ජනප්‍රියම පාපන්දු සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් මිලදී ගැනීමට සූදානම් වන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම වසරේ මැයි වන විට Forbes විසින් නිකුත් කළ දත්ත වලට අනුව මැන්චෙස්ටර් යුනයිටඩ්හි වටිනාකම ඩොලර් බිලියන 4.6 ක් පමණ වන අතර එහි පසුගිය වසරේ ආදායම ඩොලර් මිලියන 633 ඉක්මවා තිබෙනවා.
කෙසේ වෙතත් කිසිදු ක්‍රීඩා කණ්ඩායමක් මිලට ගැනීමට තමාට අදහසක් නොමැති බවත් එය විහිළුවක් පමණක් බවත් මස්ක් පවසයි.
ලොව ධනවත්ම පුද්ගලයා වන ඔහුට තවමත් ලොව ඉහළම ඉහළම වටිනාකමින් යුත් ක්‍රීඩා කණ්ඩායම් 50ක් මිලදී ගැනීමට වත්කම් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.