විස්සයි-20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. ඒ් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන
විස්සයි-20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. ඒ් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුවයි.
13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.
මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ.
ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි.
මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ඉන්දියාවට එරෙහිව වාර්තා කරගන්නා ලද අමතක නොවන තරග ජයග්‍රහණයේදී පන්දු 37 කට මුහුණ දුන් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 52 ක් ලබා ගත්තේය. මෙම ඉනිමත් සමඟ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර 7 වැනි ස්ථානයේ රැදී සිටියි.