ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය ඊයේ (07) සමත් වුණා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය ඊයේ (07) සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් තියුණු ජයක් ලබා ගනිමින්.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 129 ක් රැස්කර ගත් අතර පාකිස්තානය පන්දුවාර 19යි පන්දු 2කදී කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.
මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.