ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළේය.
මේ අනුව, පාකිස්තාන කණ්ඩායමට අවසාන තරගය ජයගැනීමට නම් 171ක ඉලක්කයට යා යුතව තිබේ.
තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුනි.
හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්වූ අතර වනිඳු හසරංග ලකුණු 36ක් හා ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබා ගන්නා ලදි.
පන්දු යැවීමේදී හැරිස් රවුෆ් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3ක් දවාගන්නා ලදි.