සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා...
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 186ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය ලබා ගත්තා.
ඕස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ටිම් ඩේවිඩ් පන්දු 27ක දී වේගවත් ලකුණු 54ක් රැස්කිරිමට සමත්වුණා.
එමෙන්ම සුර්ය කුමාර් යාදෙව් ලකුණු 69ක් සහ විරාත් කෝලි ලකුණු 63ක් ලබාගත්තා.
මෙම තරගය ජයගැනීමත් සමඟ ඉන්දියාව මෙතෙක් 20-20 තරගාවලි වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වීමට සමත්වුණා.