නෙදර්ලන්ත කණ්ඩායම පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට අද (20) සමත්වුණා.
නෙදර්ලන්ත කණ්ඩායම පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට අද (20) සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කඩඉම් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය හෙවත් නෙදර්ලන්තයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ලංකාවට මෙන්ම නෙදර්ලන්තයට අතිශය තීරණාත්මක වූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කඩඉම් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
පන්දු 44 කදී කුසල් මෙන්ඩිස් ලබා ගන්නා ලද ලකුණු 79 ක විශිෂ්ඨ පිතිහරඹය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට මුලු වූයේය. මෙන්ඩිස්ගේ සැලසුම් සහගත ඉනිම හේතුවෙන් මනද්ගාමී ජීලොංග් තණතීරුවේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 162 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නෙදර්ලන්ත පිලට හිස එසවීමට අවස්ථාව නොලැබුණද, ආරම්භක පිතිකරු මැක්ස් ඔ’ඩවුඩ් තරගය අවසන් පන්දුවාරය දක්වා රැගෙන ගියේ පරතරය ලකුනු 23 ක් දක්වා අවම කර ගනිමිනි.
දුෂ්මන් චමීර වෙනුවට කණ්ඩායමට එක් වුණු ළහිරු කුමාර විසින් යවන ලද අවසන් පන්දුවාරය ලකුණු 06 කට සීමා කිරීම නිසා නෙදර්ලන්ත ලකුණු පුවරුව පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 146 ක් ලෙසින් සටහන් වූයේ ලකුණු 16 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ඉදිරියේ රඳවමිනි. ගඟට ඉනි කැපූ ඉනිමක් වුනු ඔ’ඩවුගේ ඉනිම හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 53 කදී ලකුණු 71 ක් ලෙසිනි.
මෙම ජයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියද, කණ්ඩායම් 12 අතර තරග වටයේදී තරග වදිනු ලබන්නේ ‘ඒ’ කාණ්ඩයෙන්ද නැතහොත් ‘බී’ කාණ්ඩයෙන්ද යන්න සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිත නැමිබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ ප්‍රතිඵලය මත රඳා පවතිනු ඇත.
වටිනා කම කියා නිම කළ නොහැකි කුසල් මෙන්ඩිස්ගේ 9 වැනි අන්තර්ජාතික අර්ධ ශතකයට මනරම් පුල් පහර වලින් එල්ල කරන ලද හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය. මෙම ඉනිම ප්‍රධාන කොට ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
පැතුම් නිස්සංක සමඟ ඉනිම ඇරඹූ කුසල්ට තණතීරුවෙන් එතරම් සහයෝගයක් නොලැබුණු නමුත් වඩාත් සැලසුම් සහගත වුණු පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 36 ක් එක් කළහ. පිට පිට පන්දු දෙකකදී මීකරන් විසින් පැතුම් (14) සහ ධනංජය ද සිල්වා (00) දවා ගැනීමට සමත්වීමත් සමඟ ආරම්භය තරමක් දෙදරීමට ලක්විය. කඩුලු ත්‍රිත්වය බේරා ගැනීමේ අභියෝගයට පැමිණි චරිත් අසලංක ලකුණක් ලබා ගනිමින් එය වැළැක්වූවා පමණක් නොව ඉනිමේ හොඳම සම්බන්ධතාවයට ද දායක වූයේ පන්දු 45 කදී ලකුණු 60 ක් රැස් කරමිනි.
පෙර සදහන් කළ පරිදි පන්දුව පිත්තට නිසියාකාරව නොපැමිණීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ පළමු භාගයේ ලකුණු රැස් කිරීම අභියෝගාත්මක විය. කෙසේ වෙතත් එය අභියෝගයක් ලෙස භාර ගත් ශ්‍රී ලංකා පිතකිරුවෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු 102 ක් රැස් කරමින් බලාපොරොත්තු ගත ඉලක්කය වෙත කණ්ඩායම රැගෙන ගියහ.
ලකුණු හඹා යෑමේදී අධිවේගී පන්දුවාර 6 දී ප්‍රතිවාදී පිලේ කඩුලු 2 ක් දවා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලකුණු 40 කට කඩුලු 2 ක් ව තිබියදී හත්වැනි පන්දුවාරය යැවීමට පැමිණි වනිඳු හසරංගගේ පළමු පන්දු 2 ට 3 ක් සහ ලකුණු 3 ක් ලබා ගනිමින් ආක්‍රමණකාරී ආරම්භයක් ලබා ගැනීමට ඔඩවුඩ් සමත් වුවද පීඩනයට වඩාත් කැමැති වනිඳු ඒ අතරින් කඩුලු අතරට රිංගා ගත්තේ ගුග්ලි පන්දුවකින් ඇකර්මන්ගේ කඩුල්ල දවා ගිනිමිනි.
විටෙක කඩුලු 4 කට ලකුණු 100 ක් ලෙසින් සටහන් වුණු නෙදර්ලන්ත ලකුනු පුවරුව වනිඳු සහ තීක්ෂණ එක්ව කඩුලු දවා ගැනීමට සමත්වීම නිසා පන්දුවාර 2 කුත් පන්දු 3 කට පසුව සටහන් වූයේ ලකුණු 109 කට කඩුලු 8 ක් වශයෙනි. මනා පාලනයකින් යුතුව පන්දු යැවූ වනිඳු නියමිත පන්දුවාර 4 දී ලකුණු 28 කට කඩුලු 3 ක් ද මහීස් තීක්ෂණ ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්හහ. කඩුලු 3 ක් දවා ගැනීමට වනිඳු සමත්වීමත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට (7) පෙරමුණට පැමිණියේය.
ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ට ලකුණු 162 යි – (කුසල් මෙන්ඩිස් 79, පැතුම් නිස්සංක 14, චරිත් අසලංක 31, භානුක රාජපක්ෂ 19, දසුන් හානක 08, වනිඳු හසරංග (නොදැවී) 05, චාමික කරුණාරත්න (නොදැවී) 02, ධනංජය ද සිල්වා 00, වෑන් මීකරන් 25/2, බාස් ඩි ලීඩ් 31/2)
නෙදර්ලන්තය පන්දුවාර 20 කදී ඩුලු 9 ට ලකුණු 146 යි – (මාක් ඔඩව්ඩ් (නොදැවී) 71, වික්‍රම් සිං 7, බාස් ඩි ලීඩ් 14, කොලින් ඇකර්මන් 00, ටොම් කූපර් 16, ස්කොට් එඩ්වර්ඩ්ස් 21, ටිම් ප්‍රිංගල් 02, වැන්ඩර් ගෞටන් 00, ෆ්‍රෙඩ් ක්ලාසන් 03, වැන් මීකර්න් 00, වැන්ඩර් මර්ව් (නොදැවී) 00, වනිඳු හසරංග 28/3, මහීෂ් තීක්ෂණ 32/2)
#SriLanka #Cricket #AsiaCup2022 #SriLankaCricket #BottomlineLK #BottomlineNews #sportslinelk #sportsline